පිවිතුරු මූලස්ථානයත් විකුණා ගම්මන්පිල රටින් පනින්න වැඩ…!

October 27, 2023 at 2:27 pm | by emanisa.lk

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල තමන් එහි ප්‍රධාන ලේකම් ධූරයෙන් නෙරපීමට එරෙහිව අධිකරණය වාරණ නියෝගයක් ලබා දී ඇතැයි උපුල් විජේසේකර පවසයි.

මේ රටේ සිංහල දුප්පත් ජනතාව ලබා දුන් රු. 100ක මුදලින් ලබා ගත් පිවිතුරු හෙළ උරුම ප්‍රධාන කාර්යාල ගොඩනැඟිල්ල ඇතුළු දේපළ අයිතිය ගම්මන්පිල සිය සමාගමකට හැරවීමට තමන් විරුද්ධ වූ නිසා අනීතිකව තමන් පක්ෂයෙන් සහ ප්‍රධාන ලේකම් ධූරයෙන් ඉවත් කිරීමට ඔහු කටයුතු කළ බවට ද උපුල් විජේසේකර චෝදනා කළේය.

කිසිදා රැකියාවක් නොකළ ගම්මන්පිල රැකබලා ගත්තේ සිංහල බෞද්ධ ව්‍යාපාරික ප්‍රජාව බවත් දැන් පක්ෂයේ සිටි සියලු බුද්ධිමතුන් පක්ෂය හැරගොස් ඇති බවත් හෙතෙම සඳහන් කරයි.

ගම්මන්පිල දැන් උදේට සජිත් ප්‍රේමදාස සමග ද හවසට රනිල් වික්‍රමසිංහ සමග ද සාකච්ඡා කරමින් ඊළඟ රැල්ල පවතින දිශාව අනුව කාගේ හෝ ඇඟේ එල්ලීමේ දේශපාලනයේ නිරත වන බවට ද උපුල් විජේසේකර චෝදනා කළේය.

එය අසාර්ථක වුවහොත් සියලු දේපළ විකුණා දමා විදෙස්ගත වීමේ අරමුණින් මෙලෙස පක්ෂයේ දේපළ ඒකාධිපති ලෙස තමන් සන්තක කර ගැනීමට කටයුතු කරමින් ඇතැයි ද ඊට විරුද්ධ වන අය පක්ෂයෙන් නෙරපමින් මධ්‍යම කාරක සභාවට නූගත් තරුණයින් පත් කරමින් ඇතැයි ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *