වරාය සියලු සේවකයන්ගේ වැටුප සියයට 36 කින් ඉහළ දමන ලෙස වරාය වෘත්තිය සමග විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට දැනු ම් දී තිබේ.
වරාය සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් සඳහන් කර ඇත්තේ වසර තුනකට වරක් වරයා සේවකයන්ගේ වැටුප් වැඩි කළ යුතු බවයි. ඒ අනුව එළැඹෙන වසරේ දී එම වැටුප් වැඩිවීම සිදු කළ යුතුව ඇතැයිද වෘත්තිය සමිති පෙන්වාදෙයි.
මෙම වැටුප් වැඩි කිරීමට අමතරව සියලු ම සේවකයන්ට රුපියල් 20,000 ක දීමනාවක් ගෙවන ලෙස ද වෘත්තිය සමිති ඉල්ලා ඇත.
භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම වරාය සේවකයන්ට බොහෝ සේ බලපා ඇති නිසා වැටුප් වැඩි වීමක් අවශ්‍ය බවත් එසේ නොකළහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් ඒම සමිති ලිඛිතව දැනුම් දී තිබේ.