ඩයනා ගමගේට මන්ත්‍රී ධූරය සජිත් ප්‍රේමදාස ද ඇමැති ධූරය රනිල් වික්‍රමසිංහ ද ලබා දුන් බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසයි.
ඇය සිය පක්ෂයේ සාමාජිකාවක් නම් ඊළඟ දිනයේ ම ගෙදර යවන බවයි, ඔහු ප්‍රකාශ කළේ.
ඩයනා ගමගේ පමණක් නොව කේන්තියට පත් ඈ ඇවිස්සීමට කටයුතු කළ පිරිස ද පන්නා දමන බව අනුර දිසානායක අවධාරණය කරයි.
2004 වසරේ තමන් ආණ්ඩුව සමග කටයුතු කළ සමයේ සියලු දෙනාට රහසින් ජපානයට තරුණයෙකු රැගෙන ගිය අනුරුද්ධ පොල්ගම්පළගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට කටයුතු කළ බවත් අවසානයේ එම මන්ත්‍රී ධූරය පවා ශ්‍රීලනිපයට ලැබුණු බවත් ඔහු කීය.