විදුලි බල මණ්ඩලයේ 23,000කට අධික සේවක පිිරිසක් නඩත්තු කිරීමට සිදුවීම එම ආයතනයට දරාගත නොහැකි මුදල් නාස්තියක් බව එහි ආරංචි මාර්ග පවසයි.
මෙතරම් විශාල සේවක පිරිසක් සේවයේ නිරතව සිටියත් ඔවුන්ගේ කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් ද ගැටලු රාශියක් මතුව ඇති අතර එම විශාල සේවක පිරිසක් නඩත්තු කිරීමට අමාත්‍යාංශය මාසිකව වැය කරන වියදම විදුලි බිල ඉහළ දැමීමට වක්‍රව බලපා ඇති බව ද වාර්තා වෙයි.
විදුලි බල මණ්ඩලයට මෙතරම් අධික සේවක පිරිසක් අවශ්‍ය නොවන බවත් බොහෝ කටයුතු සඳහා තෙවන පාර්ශ්වයකින් ලබා ගන්නා කාර්ය මණ්ඩල යොදා ගන්නා බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.