තමන් ජිනීවා ගියේ ලංකාව පාවා දීමට හෝ කේලම් කීමට නොවේ යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පවසයි.
පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් නගමින් අද (17) හෙතෙම මේ බව කීය.
එම ගමන ගැන මාධ්‍යයෙන් වැරදි කතාවක් ප්‍රචාරය කර තිබූ බව කී මන්ත්‍රීවරයා එම ප්‍රචාර කළ අයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය.
පෞද්ගලික මුදලින් තමන් එහි ගියේ ලබන මාර්තුවේ පැවැත්වෙන ජිනීවා සැසිවාරයේ පෙරහුරුවක් ලෙස අධ්‍යනය කිරීම සඳහා බව ද හෙක්ටර් අප්පුහාමි සඳහන් කළේය.