කොවිඩ් වසංගත පාලන බලය අපට දෙන්න…! මාසෙන් කොවිඩ් ඉවර කරන්න සූදානම්…! – අප්පුහාමි…

May 13, 2021 at 9:54 pm | by emanisa.lk

කොවිඩ් වසංගත තත්ත්වය මාසයක් ඇතුළත පාලනය කිරීමේ සැලැස්මක් තමන් සතු බව සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පවසයි.

හලාවත ප්‍රදේශයේදී ඊයේ (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ය.

අදාළ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු ම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු‍වල සභාපති ධූරය සියලු බලතල සහිතව තම පක්ෂයට ලබාදිය යුතු බව ද ඔහු පවසයි.

ඒ හැර වාහන, මුදල් හෝ වෙනත් කිසිදු වරප්‍රසාදයක් හෝ පහසුකම් අවශ්‍ය නොවන බව ද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

එම බලතල ලැබෙන්නේ නම් රාජ්‍ය යාන්ත්‍රණය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග එක්ව වසංගත තත්ත්වය සමනය කිරීමට තම පක්ෂය සමත් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *