අල්ලපු ගෙදර පවුල තාත්තාට අම්මාට දුවට හොරා යැයි කියමින් එකිනෙකා රණ්ඩුවන්නේ නම් සමාජය ඔවුන් හොර පවුලක් ලෙස දකින බව ව්යාපාරික ධම්මික පෙරේරා පවසයි.
රටේ ජනතාව එකිනෙකාට හොරු යැයි බැණ වදින විට ද අනෙක් රටවල් ඒ දෙස බලන්නේ ද හොරුන්ගේ රටක් ලෙස යැයි හෙතෙම පෙන්වා දෙයි.
සිස්ටම් එකක් නොමැතිව සිස්ටම් චේන්ජ් කළ යුතු බව ප්රකාශ කිරීම විහිළුවක් බව පවනස ධම්මික පෙරේරා, සිස්ටම් එකක් ගොඩනැඟීමට උත්සාහ කරන විට පිරිසක් දත්ත හොරකම් කරාවි යැයි සමාජ භීතිකාවක් නිර්මාණය කරන බවට ද චෝදනා කළේය.
මෙම භීතිකාව නිර්මාණය කරන්නේ දත්ත හොරකම් කිරීම පිළිබඳ බියට නොව සිස්ටම් එකක් නිර්මාණය කළ පසු හොරකම් වංචා කළ නොහැකි නිසා බව ද ධම්මික පෙරේරා වැඩි දුරටත් කියයි.