ජාතික ආරක්ෂාව භාර ජනාධිපතිට පොලිස්පති පත් කරන්නවත් බෑ..!

October 13, 2023 at 9:45 am | by emanisa.lk

පොලිස්පතිවරයා පත් කිරීමේ බලය මෙයට පෙර ජනාධිපතිවරයාට තිබුණ ද දැන් ඒ බලය ඇත්තේ ව්‍යවස්ථාදායක සභාවට බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පවසයි.

රටේ ආරක්ෂාව භාර විධායක ජනාධිපතිවරයාට රටේ පොලිසපතිවරයා පත් කිරීමේ බලය නොමැති නම් වැඩක් නැතැයි ද හෙතෙම සඳහන් කරයි.

විධායක ජනාධිපතිවරයාට එම බලය තිබිය යුතු බවත් එය අහිමි කිරීම නිසා දැන් රටේ පොලිස්පතිවරයෙකු නොමැති තත්ත්වයක් උදා වී ඇති බවත් සරත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

විධායකයේ බලතල අහිමි කරන 19 වන සහ 21 වන ව්‍යවස්ථා සංශෝධන සඳහා තමන් එරෙහිව වූයේ ඒ නිසා බව ද සරත් වීරසේකර ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *