පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් සිය අභිලාෂය ප්‍රකාශ කළ ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවම සිය අපේක්ෂකයා නම්කර නොමැති බව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.
“ධම්මික පෙරේරා මහතා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක්. පක්ෂය හැටියට අපි ඉතාම සතුටු වෙනවා ඔහු අපි සමග සිටීම සම්බන්ධයෙන්. එතුමා පක්ෂයේ මතයට පිටින් යන දෙයක් කියලා නැහැ. මොකද දේශපාලනය කරන බොහෝ දෙනෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කැමතියි. ඒක බොහෝ දෙනා කැමති දෙයක්. තමන් කැමති දේවල් ගැන කියන්න හැමෝටම අයිතියක් තිබෙනවා.
නමුත් ඉදිරි ජනාධිපතිවරණය ගැන අපි පක්ෂය විදිහට කිසිම තිරණයක් අරගෙන නැහැ. අවුරුද්දකට පෙර අපේෂකයා නම්කරන්න අපිට අවශ්‍ය නැහැ. රටට සුදුසු ම අපේක්ෂකයා නිසි අවස්ථාවේදී ඉදිරිපත් කරනවා. අපි ඉදිරිපත් කරන්නේ ජයගන්නා අපේක්ෂකයා එහෙම නැතිව එක එක අයගේ නම් ඉදිරිපත් කළා කියලා අපි අපේක්ෂකයෝ ඉදිරිපත් කරන්නේ නැහැ.”