විදෙස් වෛද්‍යවිද්‍යාල 1000ක වෛද්‍යවරු ලංකාවට…!

October 10, 2023 at 12:02 pm | by emanisa.lk

ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාවේ පිළිගැනීම සඳහා නීති සම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ සඳහා වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි වෛද්‍ය ආඥා පනතේ විධිවිධාන සංශෝධනය කිරීම පිණිස යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කිරීමට මීට පෙර පැවති කැබිනට් රැස්වීමකදී අනුමැතිය ලබාදී තිබිණි.

ඒ අනුව පත්කරන ලද කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව මත පදනම්ව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව අංක 1 සිට 1000 දක්වා වන විදේශ විශ්වවිද්‍යාල විසින් පිරිනමනු ලබන වෛද්‍ය උපාධි මෙරට පිළිගැනීමට හැකි වන පරිදි අවශ්‍ය නීතිමය විධිවිධාන පැමිණවීම සඳහා පියවර ගැනීම පිණිස ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *