නසීර් අහමඩ් ඇමතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී කටයුතු කරන මන්ත්‍රීවරුන්ට කිසිසේත් බලපෑමක් නොවන බව නිදහස් ජනතා සභාවේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් පවසයි.
නාවල නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේ දී අද (9) පැවැති මාධ්‍ය හමුවේ දී මන්ත්‍රීවරයා එසේ පැවසීය.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර නව ජන මතයක් සහිතව එම ක්‍රියාවලිය කළ යුතු බවත් නැගී එන මහජන විරෝධය මර්ධනය කිරීම සඳහා ආණ්ඩුව ප්‍රතිත්‍රස්ත පනත ගෙන ආ බවත් මහාචාර්ය ජී.ඇල්. පීරිස් වැඩි දුරටත් කීය.