ගුවන් ගමන් ප්‍රමාද කිරීම මඟින් ගොඩනැඟෙමින් පවතින සංචාරක ආර්ථිකය යළි බිඳ වැට්ටවීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මකවේද යන්න පිළිබඳ සොයා බලන ලෙස බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන්ට නිර්දේශ කරයි.
විවිධ අභියෝග පසු කරමින් ආර්ථිකය ශක්තිමත් කිරීම සිදුවන මෙන්ම සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන කාලසීමාවක ගුවන්යානා ප්‍රමාද වීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත් මෙවන් සිදුවීම් නැවත සිදු නොවීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බවටත් කාරක සභාව නිර්දේශ කර ඇත.
බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩගේ සභාපතිත්වයෙන් පෙරේදා (04) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම උපදෙස් ලබා දී ඇත.