මෛත්‍රී සිංගප්පූරුවේ හිටියේ ප්ලේන් එකේ බිස්නස් ක්ලාස් සීට් නෑ කියල..! රටට බෝම්බ ගහද්දි ඔහුගේ හැසිරීම නින්දිතයි…! – ෆොන්සේකා..

March 11, 2021 at 12:38 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරය එල්ල වනවිට සිංගප්පූරුවේ සිටි එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලංකන් ගුවන් යානයකින් පැමිණීමට අවස්ථාව තිබියදී ඒ සඳහා ඉදිරිපත් නොවී ඊට පසු සිංගප්පූරු ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් මෙරටට පැමිණීමට කටයුතු කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඔහු එසේ ශ්‍රීලංකන් ගුවන් යානයේ පැමිණීම ප්‍රතික්ෂේප කළේ එහි පළමු පන්තියේ ආසන නොතිබීම නිසා බව ෆොන්සේකා අනාවරණය කරයි.

රටේ බරපතළ ගැටලුවක් මතුව තිබියදී රාජ්‍ය නායකයා එවැනි ක්‍රියාවක නිරත වීම ලැජ්ජා සහගත බවත්, රාජ්‍ය නායකයෙකුගෙන් එවැනි හැසිරීමක් බලාපොරොත්තු විය නොහැකි බවත් මන්ත්‍රීවරයා පවසයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේනගෙන් විමසූ විට කලින් පැමිණි ගුවන් යානාවල ආසන නොමැතිවීම නිසා පැමිණීම ප්‍රමාද කිරීමට සිදු වූ බව පැවසූ නමුත් කලින් පැමිණි ගුවන් යානා දෙකේ ආසන 50 කට වැඩි ප්‍රමාණයක් හිස්ව තිබූ බව ද සරත් ෆොන්සේකා වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *