සමගි ජන බලවේග රජයක් යටතේ පූර්ව ළමා විය සංවර්ධනයේ සිට ම නිදහස් අධ්‍යාපනය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
එසේ ම අධ්‍යාපනයේ ඇති බෙදීම නැති කර ඇති හැකි පාසල් බවට ගමේත් නගරයේත් පාසල් පත් කරන බවත් සෑම පාසලකම පරිගණක, තොරතුර තාක්ෂණ හා ඉංග්‍රීසි භාෂා විද්‍යාගාර ඇති කර නව ලෝකයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් කරා මෙරට අධ්‍යාපනය ගෙන යන බවත් හෙතෙම අවධාරණය කරයි.
සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම ලක්ෂ 220ක් වන ජනතාවට හිතකර ආකාරයට සංශෝධනය කරන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ දඹුල්ල අකුරම්බොඩ මධ්‍ය විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ලබා දීමේ අවස්ථාවට පෙරේදා (26) එක්වෙමිනි.