පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන බලපෑම්වලින් තොර විනිවිඳභාවයෙන් යුත් පරීක්ෂණයක් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා පවසයි.
ඇඹිලිපිටිය ශාන්ත මයිකල් දේවස්ථානයේ ස්වර්ණ ජයන්ති මංගල්‍යයට සහභාගි වෙමින් මැල්කම් කාදිනල්තුමා එසේ පැවසීය.
අවංකව, දේශපාලන බලපෑම්වලට යටවෙලා එක එක අයව ආරක්ෂා නොකර ඇත්ත වශයෙන්ම අවංක නිලධාරීන් හරහා විර්ශනයක් සඳහා නායකයෝ නායකත්වය ගන්නවා නම් ජාත්‍යන්තරයට යන්න අවශ්‍ය නොවන බවත් විනිවිද පෙනෙන ක්‍රමවේද හරහා මේ සියල්ල කළ යුතු බවත් අගරදගුරුතුමා වැඩි දුරටත් සඳහන් කළේය.