ඊබ්‍රාහිම් සහ ජවිපෙ අතර ගනුදෙනුව පාස්කු ප්‍රහාරයට ඉවහල් වූ බවට කිසිම සාධකයක් නෑ..! – අනුර…

September 22, 2023 at 3:09 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරයේ දී මරාගෙන මැරුණු තිදෙනෙකුගේ පියා සහ මාමා වන ඊබ්‍රාහිම් හජ්ජියාර් සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පැවැති දේශපාලන ගනුදෙනුව පාස්කු ත්‍රස්ත ක්‍රියාවට ඉවහල් වූ බවට කිසිම පාස්කු විමර්ශන වාර්තාවක සඳහන් වී නැතැයි ජාතික ජන බල⁣වේගයේ නායක අනුර දිසානායක පවසයි.

මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අද (22)ඒ බව පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණට නගන චෝදනා පුස් වෙඩි මිස සත්‍ය වෙඩි නොවේ යැයි ද අනුර දිසානායක කීය.

ඊබ්‍රාහිම්ට විරුද්ධව දිසා අධිකරණයේ 2017 වසරේ පැවරුණු නඩුවක නීතිඥයා ලෙස කටයුතු කළේ අලි සබ්රි බව කී මන්ත්‍රීවරයා, එහෙම කළා යැයි කියා අලි සබ්රි මේ ත්‍රස්ත්‍ර ක්‍රියාවට සම්බන්ධ යැයි ලඝු කළ යුතු නැති බව ද සඳහන් කළේය.

ඊබ්‍රාහිම් වසර එකහමාරක් දෙකක් පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කළ අතර එහිදී හෝ තම දේශපාලන ව්‍යාපාරය අදාල සිදුවීම්වලට සම්බන්ධ යැයි කිසිම හෙළිදරව්වක් වී නැති බව ද අනුර දිසානායක වැඩිදුරටත් අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *