අද (19) කොළඹ ප්‍රදේශ කිහිපයක පැවැත්වීමට සැලසුම් කර ඇති කොටි සංවිධානයේ යාපනය නායක කර්නල් රාසයියා තිලීපන් සැමරුම් කිහිපයක් වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, ක්‍රිස්තියානි සහයෝගීතා ව්‍යාපාරය සහ මාරිමුත්තු සත්‍යවේල් පියතුමා ඇතුළු එම සැමරුම් උත්සවය සඳහා සහභාගී වන සියලු දෙනා වෙත අධිකරණය අදාළ නියෝගය නිකුත් කර ඇත.
කොටුව පොලිසිය විසින් අධිකරණය වෙත කරන ලද කරුණු දැක්වීමකින් පසුව මෙම නියෝගය නිකුත් කර තිබේ.
මෙරට තහනම් සංවිධානයක සාමාජිකයෙකුව සිටි තිලීපන් සැමරීම සඳහා කොටුව, කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය පොලිස් වසම් තුළ පොදු මහ ජනතාවට පීඩාවක් වන අයුරින් සැමරුම් උත්සව හෝ පූජා පැවැත්වීම වළක්වාලමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.
මේ අතර, මරදාන ප්‍රදේශය ආශ්‍රිතව ද අදාළ සැමරුම් පැවැත්වීම වළක්වාලමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.