ආසියානු කුසලානය සඳහා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති ඉන්දීය – ශ්‍රී ලංකා අවසන් මහ තරගයේ පාවා දීමක් සිදුවූයේ දැයි සොයා බලන ලෙස ඉල්ලා අල්ලස, දූෂණය, නාස්තිය එරෙහි පුරවැසි බලය සංවිධානය ඊයේ (18) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
එවන් ක්‍රීඩකයන් වෙතොත් රටට හෙළි කරන ලෙස ද ඔවුහු ඉල්ලා සිටිති.
පැමිණිල්ල ඉදිරිපත් කළ එම සංවිධානයේ සභාපති ජාමුනි කමන් කුමාර මෙහිදී පැවැසුවේ සුළු කාලයක් ඇතුළතදී මුළු ක්‍රීඩා කණ්ඩායම ම දැවී යෑම අල්ලස්වලට යටවී ක්‍රීඩාව පාවා දුන්නේ ද යන්න පිළිබඳ සැකයක් ඇති බව ය.
ප්‍රේක්ෂකයන් පෝලිම්වල සිට ටිකට්පත් මිල දී ගෙන ක්‍රීඩා පිටියට යන්නට කලියෙන් තරගය නිම වීම ටී 20 තරගවලදී ක්‍රිකට් පාලක, මණ්ඩලය වංචා දූෂණ කළ විගණන වාර්තා සම්බන්ධයෙන් අල්ලස් සහ දූෂණ විමර්ශන ඒකකයට පැමිණිලි කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.