තමා වෙබ් අඩවි හා යූ-ටියුබ් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා නොදෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පවසයි.
එම මාධ්‍යවේදීන් ඒක පුද්ගල අයිතීන් තිබෙන නාලිකා පවත්වා ගෙන යන බවත්, ඔවුන් පිළිබඳව රට තුළ සාකච්ඡාවක් සිදුවිය යුතු බවත් රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේ ය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සූම් ඔස්සේ කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවක දී ඊයේ (18) වෙබ් මාධ්‍යවේදියෙකු පැනයක් යොමුකළ විට හෙතෙම මේ බව කීවේ ය.
යූ-ටියුබ් නාළිකාවල වගකියන ආයතනයක් නොමැති බවත්, ඒ අනුව පුරවැසියාගේ අයිතීන් රැක දීමට රජයට වගකීමක් පැවැරී තිබෙන බවත් රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් ප්‍රකාශ කළේ ය.
වගවීමක් නොමැති වීම ශ්‍රී ලංකාවේ සංවර්ධනයට විශාල බාධාවක් වී තිබෙන බව ද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේ ය.