විදේශගත වූ මෙරට ඉංජිනේරුවරුන්, නීතිඥයන් සහ ගණකාධිකාරිවරුන් ඇතුළු වෘත්තිකයන් දහසකට වැඩි පිරිසක් විදෙස් රටවල අවන්හල්වල, ඉන්ධන පිරවුම්හල්වල සහ සුපිරි වෙළෙඳසල්වල සේවය කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.
ඔවුන්ට තම තමන්ගේ වෘත්තීයට ගැලපෙන රැකියා සොයා ගැනීමට නොහැකි වී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් වෛද්‍ය වෘත්තිකයන් බොහෝ පිරිසක් විදේශවල එම ක්ෂේත්‍රයට අදාළ රැකියාවල නිරත වන බව දැනගන්නට ඇත.
සෙසු වෘත්තිකයන් බොහෝ පිරිසක් විදේශගතව සිටින බව පැවසෙන්නේ රටේ ආර්ථික තත්ත්වය හේතුවෙන් ඇතිවූ පීඩා සමනය කර ගැනීම සඳහාය. මේ අතර මෙරටේ විවිධ වෘත්තිකයන් පන් දහසකට වැඩි පිරිසක් මේ වන විට විදේශගතව සිටින බව රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.
විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය වෘත්තිකයන් වැඩි පිරිසක් ගොස් ඇත්තේ එංගලන්තය ඕස්ට්‍රේලියාව යන රටවලටය.