පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහරාන්…! ඔහු අත්අඩංගුවට ගැනීම වැළැක්වූයේ ශානි…!

September 16, 2023 at 6:45 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බවත් කෑගල්ල දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන පවසයි.

පාස්කු ප්‍රහාරය ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සහරාන් සැඟව සිටි කාලය පිළිබඳ කොටසින් එය අවබෝධ කරගත හැකි බවයි, ඔහු ප්‍රකාශ කරන්නේ.

කෙසේ වුව ද මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ශානි අබේසේකරට චෝදනා එල්ල කළ යුතු බව ප්‍රකාශ කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා, සහරාන් අත්අඩංගුවට ගැනීමට ඔහුගේ නිවසට ගිය CID කණ්ඩායම නැවත කැඳවූයේ ශානි බව ද සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරයට වසර 04කට පසු චැනල් 4 නාළිකාවේ අසාද් මවුලානා සිදුකරන ප්‍රකාශ ස්විස් පුරවැසිභාවය ලබා ගැනීම උදෙසා සිදුකරන බවයි, ඔහු අවධාරණය කළේ.

ඔහු පවසන සිදුවීම වන අවස්ථාවේ සුරේෂ් සාලේ ලංකාවේ සිටියේ ද යන්න මැලේසියානු ආගමන විගමන තොරතුරු සහ සාලේගේ දුරකතන දත්ත නිරීක්ෂණය ඔස්සේ ඉතා ම පහසුවෙන් හඳුනාගත හැකි බව ද පාලිත සිරිවර්ධන වැඩි දුරටත් පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස