69 ලක්ෂෙන් ජනාධිපති වෙලාත් බැරි නම් ආයේ කොහොමත් බෑ…! – එස්.එම්. චන්ද්‍රසේන…

September 13, 2023 at 5:04 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂට 69 ලක්ෂයක් ඡන්ද ලබා දී ජනාධිපති ධූරයට පත් කළ බව හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ඒ අවස්ථාවේ රට පාලනය කරගත නොහැකිව තනතුර අතහැර ගිය ගෝඨාභය රාජපක්ෂ නැවත දේශපාලනයට පැමිණීම විහිළුවක් බවයි.

රටේ කැරැල්ලක් ඇති වූ අවස්ථාවේ ලේ සොලවන්නේ නැතිව තනතුර අතහැර යාම අගය කරන බව ද එස්.එම්. චන්ද්‍රසේන සඳහන් කරයි.

කෙසේ වුව ද නැවත දේශපාලනයට පිවිස හිටපු ජනාධිපතිවරයා යාමට උත්සාහ කරන්නේ කොතැනට දැයි පැහැදිලි නැති බවයි, ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ.

69 ලක්ෂයේ ජන වරම ගෝඨාභය රාජපක්ෂ නිසා ම එකතු වූවා නොව 2017 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ලක්ෂ 52ක් ඡන්ද ලබා ගත් බව ද එස්.එම්. චන්ද්‍රසේන කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවැති මාධය හමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *