ලියලා තියා ගන්න…! සිංහල අවුරුද්ද වෙද්දි සජබක් නෑ…! – වජිර..

September 13, 2023 at 2:31 pm | by emanisa.lk

විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය ලබන සිංහල අලුත් අවුරුද්ද වන විට පවතින්නේ නැතැයි ද එම අනාවැකිය ලියා තියා ගන්නා ලෙස ද එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති ආසන සංවිධායක හමුවකදී අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

ළඟදී මැතිවරණයක් එනවදැයි ඇතැම් අය අහන බව කී වජිර අබේවර්ධන, ලබන අයවැයෙන් පවා මැතිවරණයකට මුදල් වෙන් කළහොත් ජනතාවට අවශ්‍ය පෙට්ට්‍රල්, ඩීසල්, ගෑස්, භුමිතෙල් ලබාගන්න බැරි වනු ඇතැයි ද කීය.

මුලින්ම අපි ආර්ථිකය ස්ථාවර කර මැතිවරණයක් පවත්වන්න අවශ්‍ය මුදල් සොයාගත යුතු බව කී මන්ත්‍රීවරයා ඉන් අනතුරුව ඕනෑ ම මැතිවරණයක් පැවැත්වීමේ හැකියාව තිබෙන බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *