කාදිනල් සහ සහරාන් වැඩ කරලා තියෙන්නේ ගෝඨා ගේන්න…! – සරත් කෝන්ගහගේ….

September 12, 2023 at 5:33 pm | by emanisa.lk

තමන් සම්මුඛ සාකච්ඡාව ලබා දුන්නේ, චැනල් 4 නාළිකාවට නොව ලන්ඩන් අයිටීඑන් නාළිකාවට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු රූපවාහිනී සංස්ථා සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ සරත් කෝන්ගහගේ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (12) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී එම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

අරගලය පැවති සමයේ ලන්ඩන් අයිටීඑන් නාළිකාවේ දෙදෙනෙකු තම නිවසට පැමිණි බවත් එහිදී ඔවුන් වෙත පැය දෙකක පමණ දීර්ඝ සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන් බවත් ඔහු එහිදී පැවසීය.

සරත් කෝන්ගහගේ අවධාරණය කළේ, චැනල් 4 නාළිකාවේ සාමාජිකයින් දෙදෙනා, තම නිවසට පැමිණියේ බොරු කර වන අතර ඔවුන්ට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවේදී පාස්කු ප්‍රහාරය සම්පූර්ණයෙන් ම අයිඑස්අයිඑස් සහ හෝ මුස්ලිම් අන්තවාදීන්ගේ වැඩක් යනුවෙන් තමන් ප්‍රකාශ කළ බවය.

“මගේ ගෙදරට ඇවිල්ලා ඇහුවා, මහින්ද රාජපක්ෂ මැතිතුමා 2005 ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ කොහොම ද? 2010 ජයග්‍රහණය කළේ කොහොම ද? මම කිව්වා ඔහු තමයි ඒ වෙලාවේ හිටපු ජනප්‍රිය ම නායකයා. ඒ කෑලි දෙක විතරයි මේ චැනල් එකේ පෙන්නුවේ. හැබැයි මාව පෙන්නන්නේ ෆෙඩ්රිකා ජෑන්ස්, අම්බිකා සත්ගුණනාදන්, අසාද් මවුලානා, ලාල් වික්‍රමතුංග, නිශාන්ත සිල්වා, කන්දප්පා මේ ආදී පිරිස් එක්ක. ඔවුන් මගේ ප්‍රකාශය සම්පූර්ණයෙන් ම විකෘති කරලා.

දැන් චැනල් 4 එක සම්පූර්ණයෙන් ම සහරාන් නෑ මෙතන. කිසි ම කෙනෙක් නෑ. මේ ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ යි, තව කීප දෙනෙක් තමයි මෙතන ඉන්නේ. සහරාන් බෝම්බෙ පුපුරගෙන තියෙන්නේ තව කට්ටියකුත් එක්ක මේ සා විනාශයක් කරලා, ගෝඨාභය රාජපක්ෂ ගේන්න. කාදිනල් තුමත් ඡන්දෙට වැඩ කරලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ගේන්න. දෙන්න ම වැඩ කරලා තියෙන්නේ එක ම එක්කෙනෙකුට.

පුදුම දේශපාලනයක් මේක. කාදිනල්තුමයි සහරානුයි එක ම දේ කරලා තියෙන්නේ. අරයා වෙන විධියකට කළා. මෙයා වෙන විධියකට කළා. ඉතින් මගේ මේ චැනල් 4 එකේ සම්පූර්ණ විකෘති කිරීමක් කළේ. මට ස්තුති කරලා ගියා, ‘තැන්ක්ස් ෆෝ ද බැලන්ස්ඩ් ඉන්ටර්වීව් යූ ගේව්,’ කියලා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස