දයාසිරි ජයසේකර ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් තනතුරින් ඉවත් කළ දිනට පෙර දින රාත්රියේ ආණ්ඩු පක්ෂය සමග කටයුතු කරන එක්තරා මන්ත්රීවරයෙකු රුපියල් ලක්ෂ 50ක ඔට්ටුවක් අල්ලා ඇතැයි වාර්තා වේ.
සැප්තැම්බර් වෙනිදා පක්ෂ සභාපති මෛත්රීපාල සිරිසේන විසින් දයාසිරි ජයසේකර මහ ලේකම් තනතුරින් සහ පක්ෂයෙන් ඉවත් කිරීමත් සමග අදාළ ඔට්ටුව ඇල්ලූ අනෙක් පාර්ශ්වය පරාජය වී ඇත.
මෙම ඔට්ටු ඇල්ලීම සිදුව ඇත්තේ ශ්රීලනිපයෙන් ආණ්ඩුවට එකතු වූ පාර්ශ්වයේ මන්ත්රීවරුන් දෙදෙනෙකු අතර බව ද දැනගන්නට තිබේ.