අරාබි තෙල් අලෙවි කේන්ද්‍රය ලංකාවට..!

September 9, 2023 at 10:38 am | by emanisa.lk

ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් නැගෙනහිර ආසියාවේ සිය ඛනිජ තෙල් වෙළෙදාම ආරම්භ කිරීමට කටයුතු කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙරට රජයට දැනුම් දී ඇත.

එක්සත් ආරාබී එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාල්ඩ් නසීර් අයිආමරි එම දැනුම් දීම කර ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සමඟ පැවැති සාකච්ඡාවකදීය.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන මෙරටට ගෙන්වා ගබඩා කොට ඒවා නැගෙනහිර ආසියානු කලාපයේ රටවලට අලෙවි කිරීමට නියමියතය.

ඊට අමතරව පුනර්ජනනීය බලශක්ති, සංචාරක හා හෝටල් කර්මාන්ත ක්ෂේත්‍රවල ආයෝජනය කිරීම ගැන ද තානාපතිවරයා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීයා සමඟ සාකච්ඡා කොට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *