ඊයේ (28) පැවැති තිරිකුණාමල දිස්ත්රික් සංවර්ධන කමිටුවට බලහත්කාරයෙන් ඇතුළු වූ භික්ෂූන් වහන්සේලා පිරිසක් විරෝධතාවක් දියත් කර තිබේ.
බොරළුකන්ද රජ මහා විහාරස්ථානයේ ඉදිකිරීම් නවත්තන්නැයි පනවන ලද තහනම ඉවත් කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව පවත්වන ලද්දේ එම විහාරාධිපති අම්පිටියේ සීලවංශතිස්ස හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසකි.
දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුව පැවැති කාර්යාලයට කඩා වැදුණු භික්ෂූ කණ්ඩායම එම එහි බිම වාඩිවී සත්යග්රහයක යෙදුණේ මෙම තහනම ඉවත් කරන ලෙස ඉල්ලමිනි.
ඒ අනුව ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්ගේ උපදෙස් මත පැනවූ එම තහනම ඔහුගේ උපදෙස් මත නැවත ඉවත් කිරීමට තීරණය කරන ලද අතර ඊට අදාළ නියෝගය විහාරාධිපති හිමියන් අතට ලබා දීමෙන් පසු ඔවුන් ඉන් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ.