ශ්‍රී ලංකා මුහුදේ දී සිදුවූ Xpress Pearl නෞකා අනතුරට අදාළව ඩොලර් මිලියන 850,000 ක වන්දි මුදලක් ගෙවීමට අදාල නෞකා සමාගම එකඟ වූ බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ සඳහන් කරයි.
ඊට අමතරව රුපියල්වලින්ද තවත් මුදලක් ලබා දීමට ඔවුන් එකඟතාවය පළ කර ඇති බව ද හෙතෙම පැවසීය.
අදාළ නඩුව සිංගප්පූරු අධිකරණයේ පැවරූ පසු ඊට අදාළ රක්ෂණ සමාගම සමඟ සිදුකරන ලද සාකච්ඡාවලදී ඔවුන් මෙම එකඟතාවට පැමිණි බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍ය වජේදාස රාජපක්ෂ මේ බව පැවසීය.