වැටුප් වර්ධක නතර කිරීම ආරම්භ කළ යුත්තේ පළාත් අධ්‍යාපන ලේකම්වරයාගෙන් බව ජාතික ජන බලවේගයේ හිටපු පළාත් සභා මන්ත්‍රී, ලංකා ගුරුසේවා සංගමයේ මහින්ද ජයසිංහ පවසයි.
අනතුරුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක, කලාප අධ්‍යක්ෂගේ වැටුප් වර්ධක නවතා විදුහල්පතිවරුන් වෙත පැමිණිය යුතු බවයි, ඔහු ප්‍රකාශ කළේ.
මේ රටේ අධ්‍යාපනය ගොඩගැනීම සඳහා විදුහල්පතිවරුන් ගුරුවරුන් විශාල කැපකිරීමක් කරන හෙයින් පහත් තැනින් ජලය ගලා යාමට ඉඩදිය නොහැකි බව ද මහින්ද ජයසිංහ අවධාරණය කළේය.
සිසුන්ගේ සාපෙල විභාග ප්‍රතිඵල 90%ට වඩා අඩු නම් මධ්‍යම පළාත් විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ වැටුප් වර්ධක අත්හිටුවන බවට මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කීය.