ක්‍රිකට් හොරු ගැන හොයන්න පාර්ලිමේන්තු හොරුන්ට කියලා වැඩක් නෑ…! – වෙල්ගම..

August 24, 2023 at 6:47 pm | by emanisa.lk

හොරු ගැන හොයන්න හොරුන්ට කියන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අමතමින් හිටපු අමාත්‍ය, සමගි ජන ජනබලවේග කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

ක්‍රිකට් වගේ ම රට කරවන පාර්ලිමේන්තුව ද දූෂිත බවයි, වෙල්ගම ප්‍රකාශ කළේ. පාර්ලිමේන්තු පැමිණීමට මැතිවරණ සඳහා විශාල මුදලක් වැය කළ යුතු අතර ඒ සඳහා හොරකම් කිරීමට සිදුව ඇතැයි ද ඔහු කීය.

225ම හොරු බවත් ඔවුන් යා යුතු බවත් ජනතාව කියා ඇතැයි කී කුමාර වෙල්ගම තවත් හොරු ගැන හොයන්නැයි පාර්ලිමේන්තුවේ හොරුන්ට කියන බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *