දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන්ගේ පුතා විවාහ වී සිටින්නේ සිංහල තරුණියක සමග බව යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ අරුණ් සිද්ධාර්ත් පවසයි.
එසේ ම එම්.ඒ. විග්නේශ්වරන්ගේ පුතා විවාහ සිටින්නේ වාසුදේව නානායක්කාරගේ දුව සමග බවයි, ඔහු සඳහන් කළේ.
මෙලෙස සිංහලයින් සමග ආවාහ විවාහ වී සිටින සුමන්දිරන් උතුරට පැමිණ ප්‍රභාකරන් අපේ මහා වීරයා යැයි ප්‍රකාශ කරන බව අරුණ් සිද්ධාර්ත් පෙන්වා දෙයි.
මෙලෙස සිංහල ජනතාව සමග සමීපව කටයුතු කරන සුමන්දිරන්ලාගේ වගකීම සිංහලයින් සමග සමීපව කටයුතු කරන්නේ නම් ඔවුන් අපට දුව පුතා විවාහ කර ගන්නට වුව ලබා දීමට සූදානම් පිරිසක් බව යාපනයට පැමිණ උතුරේ ජනතාවට පැවසීම නොවේ දැයි අරුණ් සිද්ධාර්ත් වැඩි දුරටත් ප්‍රශ්න කරයි.
කොළඹ පැවැති උත්සව අවස්ථාවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.