13 වැනි සංශෝධනය ගෙන ආවේ කුමක් නිසා ද යන්න පෙබරවාරි 08 වැනිදා පාර්ලිමේන්තුව විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදුකළ ප්‍රකාශයෙන් පැහැදිලි වන බව ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම පවසයි.
ආර්. සම්බන්ධන් සහ තමා පාර්ලිමේන්තුවට පත් වූයේ එකට බව හා දෙදෙනාට ම පොදු වූ සිහිනයක් ඇති බව පවසමින් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය මගින් පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් මෙරට තුළ නිර්මාණය කිරීමේ සිහිනය ප්‍රකාශිත වූ බවත් හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
ජාතික සංවිධාන එකමුතුව විසින් ඊයේ (17) පැවැත්වූ මාධ්‍ය හමුවේ දී කල්‍යානන්ද තිරාණගම මේ අදහස් පළ කළේය.
කලින් වතාවේ එම සිහිනය බොඳ වූ බවත් මේ වතාවේ කෙසේ හෝ උතුරු නැගෙනහිර එක්කළ පූර්ණ ෆෙඩරල් රාජ්‍යක් බහිකරන බව ජනාධිපතිවරයා එහිදී පැවසූ බවත් හෙතෙම හෙළිකරයි.
ආර්. සම්බන්ධන් මහතා ද අවස්ථා ගණනාවක දී ප්‍රකාශකර ඇත්තේ උතුරු නැගෙනහිරට පූර්ණ බලතල ලැබිය යුතු බවත් ඔවුන් ඉල්ලා සිටින්නේ ඉන්දියාවේ හෝ ලෝකයේ වෙනත් කිසිදු තැනක නැති ආකාරයේ පූර්ණ ෆෙඩරල් රාජ්‍යක් බවත් කල්‍යානන්ද තිරාණගම පෙන්වා දෙයි.