ලංකාවේ අධ්‍යාපනය සඳහා වැය කරන්නේ දකුණු ආසියාවේ අඩු ම මුදල් ප්‍රමාණය බව UNICEF සංවිධානයේ මෙරට ප්‍රධානී ක්‍රිස්ටියන් ස්කූග් පවසයි.
“පිළිගත් අන්තර්ජාතික මිණුම් මට්ටමට අනුව රටක දළ දේශීය නිෂ්පාදිතයෙන් 4% ත් 6%ත් අතර අගයක් අධ්‍යාපන ප්‍රතිපාදන සඳහා ලබා දිය යුතුයි.
එහෙත් ශ්‍රී ලංකාවේ මේවන විට අධ්‍යාපනය සඳහා වෙන් කරනු ලබන්නේ, දළ දේශීය නිෂ්පාදිතයෙන් ඉන් අඩකට වඩා අඩු අගයක් වන 2% කට වඩා අඩු ප්‍රමාණයක්.
ඒ අනුව ශ්‍රී ලංකාව, දකුණු ආසියාව තුළ අධ්‍යාපනය සඳහා අඩුම ප්‍රතිපාදන වෙන් කරනු ලබන රට බවට පත්ව තිබෙනවා.”