අධ්‍යාපනය සඳහා ද. ආසියාවේ අඩු ම වියදම ලංකාවේ…!

August 17, 2023 at 7:37 pm | by emanisa.lk

ලංකාවේ අධ්‍යාපනය සඳහා වැය කරන්නේ දකුණු ආසියාවේ අඩු ම මුදල් ප්‍රමාණය බව UNICEF සංවිධානයේ මෙරට ප්‍රධානී ක්‍රිස්ටියන් ස්කූග් පවසයි.

“පිළිගත් අන්තර්ජාතික මිණුම් මට්ටමට අනුව රටක දළ දේශීය නිෂ්පාදිතයෙන් 4% ත් 6%ත් අතර අගයක් අධ්‍යාපන ප්‍රතිපාදන සඳහා ලබා දිය යුතුයි.

එහෙත් ශ්‍රී ලංකාවේ මේවන විට අධ්‍යාපනය සඳහා වෙන් කරනු ලබන්නේ, දළ දේශීය නිෂ්පාදිතයෙන් ඉන් අඩකට වඩා අඩු අගයක් වන 2% කට වඩා අඩු ප්‍රමාණයක්.

ඒ අනුව ශ්‍රී ලංකාව, දකුණු ආසියාව තුළ අධ්‍යාපනය සඳහා අඩුම ප්‍රතිපාදන වෙන් කරනු ලබන රට බවට පත්ව තිබෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *