ලෝකෙට ණය වගේ ම රැකියා දෙන රටක් රනිල් හදනවා…! – වජිර…

August 14, 2023 at 6:24 pm | by emanisa.lk

අද ලෝකයෙන් ණය ගන්න රටක් වුව ද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයගේ නායකත්වය යටතේ ඉදිරියේ දී ලංකාව ලෝකයට ණය දෙන රටක් බවට පත්වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.

මෙරට ජනතාව ලෝකයේ රැකියාවලට යනවා වෙනුවට ලෝකයේ ජනතාව ලංකාවේ රැකියා සඳහා එන යුගය බිහි වනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

මෙම කරුණු ඇතැමුන් සිනහවට ලක් කළ ද ඉන්දියාවේ සිට ලංකාවේ වතුවල වැඩ කිරීමට මිනිසුන් පැමිණි බව සිනහ නගන පුද්ගලයන්ට අමතක වී ඇතැයි ද වජිර අබේවර්ධන කීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාසයේ එජාප ආසන බලමණ්ඩලය අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *