ජනතාව බලය බෙදීමක් ඉල්ලා නෑ…! ජනපතිගේ වගකීම ආර්ථිකය ගොඩනැංවීමයි…!

August 14, 2023 at 3:07 pm | by emanisa.lk

මෙරට ජනතාවගේ අපේක්ෂාව බලය බෙදීමක් නොව රටේ ආර්ථිකය ස්ථාවර කර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් පවසයි.

බලය බෙදීමේ යෝජනාවලිය කියන කාරණය මේ අවස්ථාවේ අවශ්‍ය දෙයක් නොවන බැවින් බලය බෙදීමේ කාරණය පැත්තකට දමා ප්‍රධානම ප්‍රශ්නය වන ආර්ථිකය නැංවීමේ කටයුත්තට ඝෘජුව මැදිහත්ව සෙසු දේවල් අමතක කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද සාගර කාරියවසම් ප්‍රකාශ කළේය.

රට මේ වන විටත් බංකොලොත්භාවයෙන් මිදී නොමැති තත්ත්වයක් යටතේ 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම එතරම් ප්‍රඥාඝෝචර දෙයක් හැටියට නොසලකන බවත් රටක් වැටී තිබෙන අවස්ථාවක ඒ රට අස්ථාවර කිරීමට විදේශ බලවේග, විවිධ රාජ්‍ය නොවන සංවිධාන උත්සහ දරන බවත් හෙතෙම සඳහන් කළේය.

අස්ථාවර රටක් තුළ විවිධ කටයුතු කරමින් අනිසි වාසියක් ගැනීමට උත්සහ කරන පිරිස් සිටින බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *