කිසිදු අධ්‍යයනයකින් තොරව කටුනායක ගුවන් තොටුපොළ ඇතුල්වීමේ පර්යන්තයේ තිබු ස්කෑන් යන්ත්‍ර හා ආරක්ෂක සෝදිසි කිරීම් සියල්ල නවතා දමා ඇති බව වාර්තා වේ.
මගී තදබදය වළක්වාගැනීමේ අරමුණින් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම්වරයාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.
එහෙත් ගුවන්තොටුපොළින් පිටත් වන පුද්ගලයින් පරීක්ෂාවට ලක්කෙරුණ ද ඊට ඇතුළු වන පුද්ගලයින් පරීක්ෂා නොකිරීම ගුවන් තොටුපොළේ මෙන් ම රටේ ආරක්ෂාවට ද තර්ජනයක් විය හැකි බවට අනතුරු ඇඟවීම් සිදුකර තිබේ.