ගෝල්ෆේස් අරගලයේ නායකත්වය රාජිතට…!

August 12, 2023 at 4:04 pm | by emanisa.lk

ගෝල්ෆේස් අරගලකරුවන්ගේ මීළඟ පුළුල් දේශපාලන වැඩපිළිවෙළ සඳහා නායකත්වය දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න තීරණය කරයි.

අරගලය, මහජන ව්‍යාපාරයක් බවට පත් කිරීමේ අදහසින් මෙලෙස රාජිත සේනාරත්නත් ඔහුගේ පුත්‍රයා වන චතුර සේනාරත්නත් මැදිහත් වී සිටින අතර ඔවුන් රට වටා යමින් ජනතාව එක්කර ගැනීම සඳහා කටයුතු කරන බව දැනගන්නට ඇත.

එසේම ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වන ජනතා විරෝධයන් සඳහා ද මූලිකත්වය ගෙන කටයුතු කිරීමට ඒම කණ්ඩායම සූදානම් වෙයි. ඒහි පළමු ජන හමුව හම්බන්තොට පැවැත් වූ අතර මීළඟ ජනතා හමුව පොළොන්නරුවේදී පැවැත්වීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *