ජාතික ජන බලවේගය මැතිවරණයක් ලබා ගැනීමේ සටන අතහැර නැතැයි ජනතා විමුක්ති පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.
ඔහු සඳහන් කළේ ඇප මුදල් පවා තැන්පත් කළ පළාත් පාලන මැතිවරණය ද ආණ්ඩුව මේ වන විට කල් දමා ඇති බවත් මැතිවරණ කල් දැමීම පිළිබඳ ශ්‍රේෂ්ඨධීකරණ තීන්දුව ලැබෙන තුරු තමන් බලා සිටින බවත්ය.
රටේ ප්‍රශ්න කිසිදා අවසන් නොවන බවත් ප්‍රශ්න ඇතැයි මැතිවරණ කල් දමන්නේ නම් රනිල් වික්‍රමසිංහ 2048 සංවර්ධිත රටක් ගොඩනඟන තුරු මැතිවරණ නොපැවැත්වෙනු ඇති බවත් සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේය.
පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව කීය.