තනතුරු අතහැර ජනතාව වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරනවා..! – අජිත් රාජපක්ෂ…

August 6, 2023 at 11:50 am | by emanisa.lk

පොහොට්ටුවේ කණ්ඩායම් රැස්වීමේ දී ගොවීන්ට අවශ්‍ය ජලය සම්බන්ධයෙන් තමන් සාකච්ඡා කරන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පවසයි.

තමන් මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කිරීමක් කරන බවයි, ඔහු කියන්නේ.

එහි දී යහපත් තීන්දුවක් නොලැබෙන්නේ නම් තමන් ඉදිරි දේශපාලනය පිළිබඳව තීන්දුවක් ගන්නා බව ද නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කරයි.

“ගොවීන්ට අවශ්‍ය ජලය ලබා නොදී විදුලි උත්පාදනය කිරීමට කටයුතු කරනවා. අපේ ප්‍රදේශයේ ජනතාව විදුලිය කප්පාදුවකට මුහුණ දෙමින් ගොවීන්ට ජලය ලබා දෙන්න එකඟත්වය පළ කළා.

මම මේ දරන සියලු තනතුරු ජනතාව වෙනුවෙන් අත්හැරීමට ලෑස්තියි. ජනතාව වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කිරීමට වුණත් මම සුදානම්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *