සෞඛ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බිරිඳ හා දරුවන් පමණක් තමන්ට පවසා ඇති බව සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල සඳහන් කරයි.
වෙනත් කිසිවකු තමාට අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වන්නැයි ඉල්ලීමක් කර නැති බවද හෙතෙම පැවසීය.
කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වන ලෙස ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇති බවට සමාජ ජාල ඔස්සේ පළවන වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමකදී ය.
තමන් අභියෝග හමුවේ පලා යනු නොව ඒවාට මුහුණදීමට ආත්ම ශක්තිය ඇත්තෙකු බවත් ඔහු පැවසීය.
සෞඛ්‍ය අංශයේ යම් යම් ගැටළු ඇතැයි තමා පිළිගන්නා බවත් ඊට හැකි උපරිමයෙන් විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.
එමෙන්ම සෞඛ්‍ය අංශයේ ගැටලු පිළිබඳව තොරතුරු මාධ්‍ය වෙත ලබාදීම සඳහා කණ්ඩායමක් පත් කරන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.