ජනාධිපතිවරණයට පොහොට්ටුවේ තුරුම්පු ආසියා දානවා…! – ප්‍රසන්න රණතුංග..

August 2, 2023 at 11:45 am | by emanisa.lk

ජනාධිපතිවරණයට පොහොට්ටුවේ තුරුම්පු ආසියා ඉදිරියට දමන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

ලබන වසර මැතිවරණ වසරක් බව කී අමාත්‍යවරයා, ඒ නිසා ජනාධිපතිවරණ අපේක්ෂකයන් වැහි වැහැලා සිටින නමුත් රටේ විශාලතම ඡන්ද පදනම තියෙන පොහොට්ටුව තවම නිශ්ෂබ්ද බව ද ප්‍රකාශ කළේය.

සජිත් ප්‍රේමදාස, අනුර කුමාර සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්, ව්‍යාපාරිකයන් ජනාධිපතිවරණ අපේක්ෂක පෝලිමේ එන බව කී ප්‍රසන්න රණතුංග, ජනාධිපතිවරණ, මහා මැතිවරණ, පළාත් සභා, පළාත් පාලන මැතිවරණ මොනවා තිබ්බත් ජනතා මනාපයෙන් ඉහලින්ම දිනන්නේ පොහොට්ටුව බව සඳහන් කළේය.

ගම්පහ,උඩුගම්පළ පිහිටි කාර්යාලයේදී දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *