කර්මාන්ත සඳහා අවශ්‍ය කුකුළු මස් පිටරටින් ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබාදීමට ආණ්ඩුව තීරණය කළ බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කීය.
පසුගිය 27 වනදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ජීවන වියදම පිළිබඳ විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ කුකුළු මස් වෙළෙඳපොළේ පවතින අධික මිල ගණන් හේතුවෙන් ඇති වී තිබෙන ජනතා පීඩාව අවම කිරීම සඳහා රජය විසින් මෙම තීරණය ගෙන ඇති බවය.
එසේ ම ඉදිරියේ දී නිෂ්පාදනය වැඩි කිරීම හරහා රටේ ජනතාවට දරාගත හැකි මිලකට කුකුළු මස් සහ බිත්තර ලබාදීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන ලෙසටද එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා කෘෂිකර්ම බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.