දුම්රිය ආදායම ඉන්ධනවලටම ඉවරයි…! සේවක වැටුප් අතීකාල මහ බැංකුවෙන්…!

July 29, 2023 at 4:29 pm | by emanisa.lk

දුම්රිය සේවාවෙන් දිනපතා ලැබෙන ආදායමින් සිදු කළ හැක්කේ දුම්රියවලට ඉන්ධන ගැසීම පමණක් බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

එම නිසා ආදායම් ප්‍රවර්ධනයත් කළමනාකරණ කාර්යක්ෂමතාව ඇති කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රතිසංවිධානයක් කළ යුතුම බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

2021 වසරේ දුම්රිය සේවයේ සමස්ත ආදායම රුපියල් බිලියන 2.6ක් වූ අතර එයින් බිලියන 2.3ක් වැය කරන ලද්දේ සේවකයන්ට අතිකාල දීමනා ගෙවීමටය. ඊට අමතරව තවත් රුපියල් බිලියන 7ක් සේවක වැටුප් සඳහා වැය කරන්නට සිදුවිය.

2022 වසරේ දුම්රිය සේවාවේ ආදායම රුපියල් බිලියන 11ක් දක්වා වැඩි වූ නමුත් දැනටත් වසරකට දුම්රිය සේවය රුපියල් බිලියන 8ක පාඩු විඳින බැවින් මහා ප්‍රතිසංවිධානයක් අවශ්‍ය බව අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *