13 බලාත්මක කිරීම අරගලයේ තරුණ අපේක්ෂා ඉටු කිරීමක්…! – සුරේන් රාඝවන්…

July 29, 2023 at 10:21 am | by emanisa.lk

ජාතික සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් දරන ප්‍රයත්නයේ එක් පියවරක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පොලිස් බලතල රහිතව බලාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කර ඇති යෝජනාව ජනප්‍රිය නොවුණත් රටේ අනාගතය වෙනුවෙන් ගත් සුබවාදී තීරණයක් බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පවසයි.

එසේම අරගලයේ නිරත වූ තරුණ පිරිස් අපේක්ෂා කළ නව දේශපාලන ගමනක ආරම්භය ලබාදීමට විශාල අවධානමක් හමුවේ වුවත් මෙම තීරණය ගෙන තිබෙන බව ද හෙතෙම සඳහන් කරයි.

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *