ජනාධිපතිවරයා කැඳ වූ සර්ව පාක්ෂික සමුළුව අසාර්ථක බව හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ එහි දී කිසිදු එකඟතාවක් ඇති නොවූ බවත් සියලු යෝජනා පිළිබඳ විවිධ පාර්ශ්ව විවිධ මත ඉදිරිපත් කළ බවත්ය.
සර්ව පාක්ෂි සමුළුව කිසිදු එකඟතාවකින් තොරව අවසන් වූ බවත් පොලිස් සහ ඉඩම් බලය පළාත් සභා වෙත ලබා දීමක් සිදු නොවනු ඇති බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කරයි.