උතුරු – නැගෙනහිරට දෙමළ පොලිසි අවශ්‍ය නෑ…! – සුරේන් රාඝවන්..

July 27, 2023 at 9:38 am | by emanisa.lk

බලව බෙදීම සම්බන්ධයෙන් දෙමළ පක්ෂ අතර එකඟතාවක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පවසයි.

‍ඊයේ (26) සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.

“මෙතන දී අන්තිමට වුණේ දෙමළ පක්ෂ අතර, මොකද්ද කරගන්න ඕනේ කියලා ඒකමතික තීරණයක් තිබුණේ නෑ. සුමන්තිරන් මන්ත්‍රීතුමා, විග්නේෂ්වරන් මන්ත්‍රීතුමා සහ ඉතුරු අය අතරේ, මීට වඩා බලය ඕනේ ද? 13 ඇති ද? ඡන්දේ තියන්න ඕනේ ද කියන මතවාදය ගොඩක් මතුවුණා. ඒ අය ඒ ප්‍රශ්නය විසඳාගන්න ඕනේ.

අපි පැහැදිලිව කියනවා අපිට සහෝදරත්වයෙන් ගොඩවෙන්න නම්, එකමුතුකම අවශ්‍යයි ආර්ථිකය ගොඩනැඟුණු කළ උතුරේ වගේම දකුණෙත් බොහෝ ප්‍රශ්න විසඳෙනවා. මම හිතන්නේ අපි ලබන මාසයේ දී නැවත හමුවීමට නියමිතයි. එහිදි මීට වඩා පැහැදිලි සහ සම්මුතවාදී ස්ථාවරයකට එන්න පුළුවන් වෙයි කියන එක මාගේ ස්ථාවරය.

මගේ ආණ්ඩුකාර කාලෙත් මම කිව්වා. දෙමළ පොලීසියක් අවශ්‍ය නැත. තියෙන පොලීසියට දෙමළ අය බඳවා ගන්න.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *