එළිය වැටුණු වෙලේ ඉඳන් මං මී හරකෙක් වගේ වැඩ…! – බන්දුල…

July 20, 2023 at 11:06 am | by emanisa.lk

උදේ එළිය වැටුණු වෙලේ සිට තමන් මී හරකෙක් මෙන් වැඩ කරන බව ‍ප‍්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන පවසයි.

තමන් එලෙස වැඩකරන බව දන්නා නිසා මාධ්‍ය මඟින් ඊට නිසි ප්‍රචාරයක් ලබා දෙන බවයි, අමාත්‍යවරයා සඳහන් කළේ

“මොකද මම වැඩ කරන්නෙ ශීත කාමරවල ඉඳගෙන නොවෙයි කියල දන්නෝ දන්නවා.

මම හිතන්නෙ රජයේ වැඩ ගැන ලැබෙන ප්‍රචාරය ප්‍රමාණවත් නෑ කියලයි. අඩුපාඩු ගැන විවේචනය කරනවා වගේ ම රජයේ හොඳ වැඩ ගැනත් ප්‍රචාරයක් ලබාදීම සමබර මාධ්‍ය කලාවේ අත්‍යාවශ්‍ය අංගයක් කියලයි මම හිතන්නෙ.

නමුත් ඒ සමබර මාධ්‍ය කලාව අද ක්‍රියාත්මක වෙන්නෙ නෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *