ජනාධිපති ධුරයට පත්ව ලබන වසරක් සම්පූර්ණ වීම වෙනුවෙන් කිසිදු පදවිප්‍රාප්ත උත්සවයක් සංවිධානය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් උපදෙස් දී තිබේ.
ජනාධිපතිවරයා මෙම උපදෙස් දෙනු ලැබූවේ එළඹෙන 20 වෙනිදාට යෙදෙන ජනාධිපති පදවිප්‍රාප්තිය වෙනුවෙන් උත්සව සංවිධානය කිරීම ගැන විවිධ පාර්ශ්වවලින් කෙරුණු ඉල්ලීම් සැලකිල්ලට ගෙනය.
2022 ජුලි මස 20 දින පාර්ලිමේන්තුවේ ඡන්ද 134ක් ලබා ගනිමින් රනිල් වික්‍රමසිංහයන් අනුප්‍රාප්තික ජනාධිපති ලෙස පත් වූ අතර එදිනට පසු දින එනම් ජුලි 21 වැනිදා පාර්ලිමේන්තුවේදී අට වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.
පදවිප්‍රාප්ත උත්සව පැවැත්වීමට ඉදිරිපත් කළ අදහස් හා යෝජනා ප්‍රතික්ෂේප කළ ජනාධිපතිවරයා, කිසිදු මහජන මුදලක් හෝ පෞද්ගලික මුදලක් වැය කොට පදවිප්‍රාප්ත උත්සව පැවැත්විය යුතු නැතැයි නියෝග කොට ඇත. ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය යෙදී ඇත්තේ ද එදිනටමය.