ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් කර ඇති භාණ්ඩ අතුරින් වාහන හැර ඉතිරි භාණ්ඩ සියල්ල ලබන සැප්තැම්බර් මාසය පළමු සතියේදී ආනයනය කිරීමට අවසර ලබා දීමට රජය තීන්දු කර තිබේ.
මේ වන විට භාණ්ඩ 286 ක ආනයන තහංචි ඉවත් කර ඇති අතර වාහන ද ඇතුළුව තවත් භාණ්ඩ 930ක ආනයන තහංචි පෙර පරිදිම ක්‍රියාත්මක වේ.
ඒ අනුව මේ වන විටත් ආනයන තහංචි පනවා ඇති භාණ්ඩ ලබන සැප්තැම්බර් මුල් සතිය වන විට අදියර දෙකකින් ඉවත් කිරීමට මෙම සාකච්ඡාවේදී තීරණය කර ඇති අතර අනතුරුව වාහන ආනයන තහනම ඉවත් කිරීම ගැන සලකා බැලීමට නියමිතය.
රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පැවැති සාකච්ඡාවක දී මෙම තීන්දුවලට එළඹ තිබේ.